මැකාවු විශේෂ පරිපාලන කලාපය චීනයට යළි එක් වීමේ 25වැනි සංවත්සරය චීන ජනපති ප්‍රධානත්වයෙන්

Published on

මැකාවු විශේෂ පරිපාලන කලාපය යළි චීනයට එක් වීමේ 25වැනි සංවත්සරයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (20) දින සහභාගී වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ෂී ජින් පිං මහතා එහිදී පවසා ඇත්තේ මැකාවු යළි චීනයට පැමිණ ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් අනුබලයක් යටතේ මැකාවු විශේෂ ලක්ෂණ සහිත ‘එක් රටක් ක්‍රම දෙකක්’ යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි ලා විශාල ජයග්‍රහණයක් ලබා ඇති බවයි.

එසේම මැකාවු මේ වනවිට ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් අත්කර ගෙන ඇති බවත්, සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරමින් දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කර ඇති බවත් චීන ජනපතිවරයා ප්‍රකාශ කළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.

‘එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියට සැලකිය යුතු ආයතනික වාසි සහ ප්‍රබල ජීව ශක්තියක් ඇති බවත් එය දිගු කාලීනව පවත්වා ගත යුතු බවත් මැකාවු යළි මව්රටට පැමිණීමෙන් පසු විශිෂ්ට ජයග්‍රහණ දිනා ගැනීමෙන් එය සනාථ වී ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළ බව සඳහන්.

එමෙන්ම ෂී ජින් පිං මහතා මෙහිදී විශේෂ පරිපාලන කලාපයේ පාලන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ප්‍රයත්න දැරීම, විවෘතභාවය සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් ගොඩනැගීමට උත්සාහ දැරීම සහ, සමාජ සමගිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම යන සිව් වැදෑරුම් යෝජනාවන් ද ඉදිරිපත් කර තිබෙනවා.

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

More like this