පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී චානක පත් කෙරේ

Published on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පත් කර තිබෙනවා.

ඒ ඊයේ (20) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීමේදීයී.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහට සහාය දුන් රෝහිත අබේගුණවර්ධනයි මීට පෙර එම තනතුරේ කටයුතු කළේ.

මේ අතර බිම් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ නව නායකයන් පත් කිරීමේ සංවිධාන කටයුතු ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා ඇති බව සඳහන්.

මෙම රැස්වීමට පක්ෂයේ සභාපති පූජ්‍ය උතුරවල ධම්මරතන හිමි, මහලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සහ සී.බී. රත්නායක යන ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

Latest articles

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

More like this