සංචාරක කර්මාන්තය කියා දේශපාලනඥයන් ප්‍රවර්ධනය කරන්න මත්පැන් බලපත්‍ර දුන් සංස්කෘතිය නැවැත්විය යුතුයි – විපක්ෂ නායක

Published on

පසුගිය වසර 3කට ආසන්න කාලයේ මත්පැන් බලපත්‍ර, මෘදු මත්පැන් බලපත්‍ර ලබා දුන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා නොව දේශපාලන ස්ථාවරය ශක්තිමත් කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරනවා කියා දේශපාලනඥයන් ප්‍රවර්ධනය කිරීමට ඔලුගෙඩි මාරු සෙල්ලම් කිරීමට මේවා යොදා ගත් බවත් මේ සංස්කෘතියෙන් බැහැර වී සුචරිතවත් ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි කළ යුතු බවයි එතුමා කියා සිටියේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (20) අමධ්‍යප මහා සභාවේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

විදේශ විනිමය උපයන ප්‍රධානතම අපනයන ව්‍යාපාරයක් ලෙස මේ මොහොත වන විට සංචාරක කර්මාන්තය නම්කර ඇති බවත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විය යුතු වුවත් ඒ හරහා සමාජයේ ඇති වන දූෂණ අවම කිරිමට හා වැළැක්වීමට සමබර වැඩසටහනකට යොමුවිය යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

එමෙන්ම සුචරිත වූ ජන සමාජයක් ගොඩනැගීමේ සත්‍යවාදී යථාර්ථවාදී ඉලක්ක සම්පූර්ණ කිරීමේ ගමනට ජන බලය තිබුණත් ධන බලය නොමැති බවත් සමාජ බලය තිබුණත් ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනවල බලය නොමැති බවද ප්‍රේමදාස මහතා සඳහන් කළා.

තව දුරටත් අදහස් දැක වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ මත්පැන්, මත්ද්‍රව්‍ය, මධ්‍යසාර, දුම්වැටි ප්‍රවර්ධනය කරන අය ඒ ඒ ආයතනවල මූල්‍ය බලය උපයෝගී කර ගෙන ප්‍රතිපත්ති චක්‍රයේ වැදගත් සංධිස්ථාන තමන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවයි.

Latest articles

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට හජ් වන්දනාව සදහා සත්කාරකත්වය

මේ වසරේ හජ් වන්දනාව සදහා ශ්‍රි ලංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම...

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

More like this