එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර, එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුයේ මෙරටට ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ නොවන බවත් එය ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තියක් බවයි.