පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සඳහා ලංකා කම්කරු කොංග්රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කරනු ලැබුවා.
එහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ අතර ඊට අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්රික්කවලට සහ දෙණියාය කොටපොල ප්රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට කම්කරු පක්ෂයෙන් ප්රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් නොකරන ලෙසද ලංකා කම්කරු කොංග්රසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම අනුව එකඟ වී ඇත්තේ නුවරඑළිය දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධුරය පමණක් ලංකා කම්කරු කොංග්රසයට ලබා ගැනීමටත්, උප සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබා දීමටයි.