ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම කාර්යාලය ඉල්ලීම් කරන්නේ පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.
එමෙන්ම කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙසයි එමගින් දැනුම් දී ඇත්තේ.
එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට නිවේදනය කර තිබෙනවා.