අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් – GMOA

Published on

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ.

එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක් මතුවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවල යම් සීමා මතුවෙලා තියෙන බවත් ඔහු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා.

පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා.

රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.

ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර යම් සීමාවන් මතුවෙලා තියෙනවා” යනුවෙනුයි ප්‍රකාශ කළේ.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this