ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙල්බන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා ඇති බවයි.
වෙළඳපොළ ප්‍රවේශ සහ උපාය මාර්ගික මුලපිරීම් හරහා ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම මේ වන විට එකඟ වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතරින් ශ්‍රී ලංකාව සමග විශාලත ම භාණ්ඩ අපනයන සබදතා පවත්වාගෙන යන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.