කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් 02ක්ට දිවි අහිමිවෙයි

Published on

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”

යනුවෙනුයි.

Latest articles

යේමනයේ හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි

ඊශ්‍රායලය ‘ව්‍යාජ ජයග්‍රහණයක්’ නිර්මාණය කිරීමට උත්සාහ කරන බව හවුති නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා. යේමන කණ්ඩායමේ...

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

More like this