කාලයක් පුරාවට ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදය මෙතෙක් විසඳි නොමැති බව වාර්තා වනවා.
පසුගිය කාලයේ එරට දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට ද එය පත්ව තිබුණේ මෙවන් පසුබිමකයි.
ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය බොහෝ විට නිරූපණය කරනු ලබන්නේ රජයේ කඩිනම් ප්‍රතිචාරයක් හේතුවෙන් ඇති වූ හදිසි කම්පනයක් ලෙසටයි එරට ආර්ථික විශේෂඥන් පෙන්වා දෙන්නේ.
එය මෑතකදී දරුණු මට්ටමකට පැමිණ ඇති අතර තවදුරටත් එය පුළුල් වෙමින් පවතින බව සඳහන්.
මෙම අර්බුදය වසර ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින අතර එහි ප්‍රතිවිපාකයට ගොදුරු වී ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත කුලී නිවැසියන්, පළමු නිවාස ගැනුම්කරුවන් සහ මධ්‍යම ආදායම් ලබන අයයි.
මේ වනවිටත් රට පුරා නිවාස ඉල්ලුම, සැපයුමට වඩා ඉහළ ගොස් තිබෙනවා.
එම අසමතුලිතතාවය මිල ගණන් විශාල ලෙස ඉහළ යාමට හේතු වී ඇති අතර, විශාලතම නගරවල මිල ඉහළ යාම දැඩි වී ඇති බවයි පැවසෙන්නේ.
පසුගිය වසර පහ තුළ, බ්‍රිස්බේන් හි මධ්‍ය නිවාස මිල ගණන් සියයට 84 කින් (ඩොලර් 995,000 දක්වා), සිඩ්නි හි සියයට 64 කින් (ඩොලර් මිලියන 1.45 දක්වා) සහ පර්ත් හි සියයට 84 කින් (ඩොලර් 851,000 දක්වා) ඉහළ ගොස් තිබෙනවා.
නමුත් සැපයුම් හිඟය වඩාත්ම බලපා ඇත්තේ කුලී නිවාස වෙළඳපොළ ට යි.
නිදන කාමර තුනක නිවසක් සඳහා මධ්‍ය සතිපතා කුලිය 2024 අවසානයේ ඩොලර් 720 දක්වා ළඟා වෙමින් පවතිනවා
ඒ අනුව සිඩ්නි, එරට වඩාත් මිල අධික කුලී වෙළඳපොළ ලෙසයි හැඳින්වෙන්නේ.
නමුත් පර්ත් හි තියුණුම වැඩිවීමක් දක්නට ලැබුණු අතර, සතිපතා කුලිය ඩොලර් 300 කින් ඉහළ ගොස් ඇති අතර එය වසර පහක් තුළ සියයට 86 ක වැඩිවීමක්.
එය බ්‍රිස්බේන් හා සමාන වන අතර සහනයක් පිළිබඳ කිසිදු සලකුණක් පෙන්වන්නේ නැහැ.
පර්ත්හි, 2024 සැප්තැම්බර් දක්වා මාස 18 තුළ නව කුලී නිවාස 694 ක් පමණක් එකතු වී ඇති අතර ප්‍රාන්තයේ ජනගහනය 119,000 කින් වර්ධනය වී තිබෙනවා.
ජනගහන වර්ධනයට සමගාමීව කුලී නිවාස 7,700 ක හිඟයක් එහි පවතින බව සඳහන්.
පර්ත් දැන් ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගැනීමට ඇති දෙවන මිල අධිකම නගරයයි
ඉදිකිරීම් ප්‍රමාදය ගැටළුව තවත් උග්‍ර කරමින් පවතිනවා.
සාමාන්‍ය නිම කිරීමේ කාලය මාස 10 ඉක්මවන නමුත් පර්ත්හි එය මාස 15.6 ක් ලෙස දැක්වෙන අතර එය රටේ දීර්ඝතම කාලයක් බවයි පැවසෙන්නේ.
ඉදිකිරීම්කරුවන්ගේ බංකොලොත්භාවය, ශ්‍රම බලකායේ හිඟය සහ මන්දගාමී ඉඩම් නිදහස් කිරීම ද ඊට හේතුවක්.
ඕස්ට්‍රේලියානු කුලී නිවැසියන් 300,000 කට අධික සංඛ්‍යාවක් දුර්වල ගුණාත්මක නිවාසවල ජීවත් වන බව ද වාර්තා වනවා.
ආරක්ෂාව, ජීවත්වීමේ හැකියාව සහ බලශක්ති කාර්යක්ෂමතාව සඳහා අවම ප්‍රමිතීන් බලාත්මක කළ යුතු අතර කුලී නිවැසියන්ට දැරිය හැකි මිල සහ මූලික සුවපහසුව අතර තෝරා ගැනීමට ඉන් හැකියාවක් නැහැ.
මෙය නිවාස ගැටලුවක් පමණක් නොවන අතර එය සමාජීය, ආර්ථික සහ පරම්පරාගත ජාතික අභියෝගයක් බවයි පැවසෙන්නේ.