තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් සමත් ව තිබෙනවා.
23 වන Manhunt International තරගයේ අවසන් වටය ඊයේ පැවැත්වූයේ තායිලන්තයේදීයි.
මෙවර එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයට වන අතර ජැමෙයිකාව තුන් වන ස්ථානය දිනා ගත්තා.
හතරවන සහ පස්වන ස්ථාන දිනා ගැනු ලැබුවේ පිළිවෙළින්, පිලිපීනය සහ වියට්නාමයයි.
මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වන ස්ථානය හිමි කර ගත්තා.