පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published on

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සදහා කටයුතු සිදු කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය මැයි 31 වනදා දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක්, වයස අවුරුදු 05ත් 19ත් අතර පාසල් වයසේ පසුවන දරුවන් බව සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

එබැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සදහා මීට පෙර නිකුත් කළ උපදෙස්වලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිදු දරුවන් හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

ඒ අනුව, සියලු පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවල ලෙස පවත්වාගෙන යාම සදහා අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි පාසල් මගින් සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවයි එම උපදෙස්වල ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ.

ඊට අමතරව පාසල් කාලය තුළ මදුරු දෂ්ඨනය අවම කිරීම සදහා මදුරු විකර්ශක ආලේපයට හා අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇදුම් ඇදීමට සිසුන් දැනුවත් කිරීමද එම උපදෙස්වල ඇතුළත්.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this