IPL අවසන් මහා සම්මාන රාත්‍රියේ දී කමිඳු මෙන්ඩිස්ටත් සම්මානයක්

Published on

2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) අවසාන මහා තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද මෙවර සම්මානයට පාත්‍ර වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් මෙහිදී සම්මානයට පාත්‍ර වූයේ ‘තරගාවලියේ උඩපන්දුව‘ (Catch of the season) වෙනුවෙන්.

ඔහුට හිමි ත්‍යාගය මෙවර රෝයල් චැලෙන්ජර්ස් පිල නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක නුවන් තුෂාර විසින් ලබා ගත්තා.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර මෙවර මූලික වටයේ පැවති තරගයේ දීයි කමිඳු මෙන්ඩිස් මෙම ඇදහිය නොහැකි උඩපන්දුව රැක ගැනීමට සමත් වූයේ.

එහිදී චෙන්නායි පිලේ Dewald Brevis, මිඩ් ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ පහරක්, ලෝන් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් රැකගත්තේ සිය වම්පසට දිවයමින් ගුවනේ පාවෙමින්.

එය IPL ඉතිහාසයේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ඉතිහාසය පුරාවටම අනගිභවනීය උඩපන්දුවක් ලෙසින් වාර්තා පොත් අතරට එක්වනු ඇති.

ඊයේ (03) අහමාදාබාද් නුවර දී පැවති අවසාන මහා තරගයත් සමගින් 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගමාලාව රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට ශූරතාවය අත්කර දෙමින් අවසන් වූවා.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this