Harry Potter රූපවාහිනී කතා මාලාව සඳහා තරුණ නළු නිළියන් තෝරා ගනියි

Published on

ලොවපුරා ළමා වැඩිහිටි අතර එකසේ ජනප්‍රිය J.K. Rowling ගේ පොත් මාලාවේ අනුවර්තනයක් වන හැරී පොටර් හි රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන ත්‍රිත්වය රඟපාන තරුණ නළු නිළියන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හැරී පෝටර් ලෙස Dominic McLaughlin , හර්මියෝන් ග්‍රේන්ජර් ලෙස Arabella Stanton සහ රොන් වීස්ලි ලෙස Alastair Stout යන අය රංගනයෙන් දායක වනු ඇති.

මෙම ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා විවෘත නළු නිළියන් කැඳවීමක් පසුගිය වසරේ නිවේදනය කරන ලද අතර, ළමුන් 30,000 කට වැඩි පිරිසක් තිර පරීක්ෂණවලට සහභාගී වී ඇති බව සඳහන්.

මෙහි විධායක නිෂ්පාදක සහ අධ්‍යක්ෂ මාර්ක් මයිලොඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අද්විතීය නළු නිළියන් තිදෙනාගේ දක්ෂතා දැකීම අපූරු වන බවයි.

තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිත අතර වොල්ඩර්මෝට් චරිතය සඳහා තවමත් නළුවෙකු තෝරාගෙන නොමැති බව සඳහන්.

මාලාවේ අනෙකුත් තහවුරු කරන ලද නළු නිළියන් අතර රූබියස් හැග්‍රිඩ් ලෙස Nick Frost, මහාචාර්ය ක්විරිනස් ක්විරෙල් ලෙස Luke Thallon සහ භාරකරු ආර්ගස් ෆිල්ච් ලෙස Paul Whitehouse රංගනයෙන් දායක වේ.

මෙම කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා Mark Mylod වන අතර Waer Bros. Studios විසින් පෙර චිත්‍රපට මෙන්ම මෙයද නිශ්පාදනය කරනු ලබයි.

ලොව වැඩියෙන්ම අලෙවි වන මෙම පොත්මාලාවේ කතුවරිය වන J.K. Rowling මෙම වැඩසටහනේ විධායක නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරන අතර මෙහි පළමු කතා සමය 2027 වසරේ නිකුත්වීමට නියමිතයි.

J.K. Rowling විසින් රචිත මෙම පොත්මාලාවේ මුල් පොත් 7ට අනුකූලව, එක් පොතකට එක් කතාසමය බැගින් ලෙස, වසර 10ක් පුරා දිවයන ලෙස සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගිම්හානයේදී එක්සත් රාජධානියේ වෝනර් බ්‍රදර්ස් ස්ටූඩියෝ ලීව්ස්ඩන් හි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...