ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට අමෙරිකාවෙන් සංචාරක අනතුරු ඇඟවීමක්

Published on

ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දියානු සාගර කලාපයේ
රටවල් කිහිපයකට
අමෙරිකාවෙන් සංචාරක නිවේදන

චිකන් ගුන්‍යා රෝගය පැතිර යාමේ ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දියානු සාගර කලාපයේ රටවල් කිහිපයකට දෙවන මට්ටමේ සංචාරක නිවේදනයක් ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව සෝමාලියාව, මොරිෂස්, මයෝට් සහ රීයුනියන් ඇතුලු රටවල් කිහිපයකට මෙම සංචාරක නිවේදනය ක්‍රියාත්මක බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සිය එක්ස් ගිණූමේ සටහනක් තබමින් කියා සිටියේ.

මෙම වෛරසය පතුරවන මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා කෘමි විකර්ශක භාවිතා කරන ලෙසත්, අත් දිග කමිස සහ දිග කලිසම් අඳින ලෙසත් ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සංචාරකයින්ට දැනුම් දෙනවා. විශේෂයෙන් ගර්භනී කාන්තාවන් එම ප්‍රදේශවල සංචාරය කිරීම පිළිබදව නැවත සලකා බැලිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

තද උණ, දරුණු සන්ධි වේදනාව, කැසීම සහ තෙහෙට්ටුව මෙහි රෝග ලක්ෂණ වන අතර, මෙමගින් ස්නායු හා හෘද වාහිනී පද්ධතියට බලපෑම් එල්ල වී මරණය පවා සිදුවිය හැකි බවද එහි දැක්වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, රියුනියන් දූපතේ පමණක් චිකුන්ගුන්යා රෝගීන් හතළිස්හත්දහස් පන්සියයකට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 12 ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් විසිදෙදහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දින 2කට වඩා උණ පවතීනම් අනිවාර්යන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම මදුරුවන් බෝවිම වැළැක්වීම සදහා දෛනිකව නිවස අවට පරිසරය පිරිසිදු කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

Latest articles

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...

බාලි දූපතේදී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට වෙඩි තබයි – එක් අයෙකුට දිවි අහිමි වෙයි

බාලි හි සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල...

More like this

අදත් තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී....

ඊශ්‍රායල ප්‍රහාරයකින්, ඉරානයේ ෂහ්රාන් තෙල් ගබඩාව ගිනි ගනී

ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් පසුව ඉරානයේ ටෙහෙරානයේ වයඹ දෙසින් පිහිටි ෂහ්රාන්...

ඉරාන – ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය

ඉරාන - ඊශ්‍රායල ගැටුමේ වත්මන් තත්ත්වය ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි 15වන දින අළුයම 2.43ට තුර්කියේ...