ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයේ පිහිටි රෝහලකටයි.
ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔවුන් පවසන්නේ ඊශ්‍රායල යුධ ගුවන් යානා එම රෝහලට එකවර බෝම්බ 06ක් පතිත කළ බවයි.
මේ වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයෙන් ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 61,709 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන් 17,492 දෙනෙකු ළමුන් වන අතර තුවාල ලැබූ පලස්තීන ජාතිකයන් සංඛ්‍යාව 111,588 ක්.