අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩටන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 3 වනදා පැවැත් වීමට නියමිත අතර ඊට අදාළව ඊයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.
එමෙන්ම මැයි 3 වන දින නිල ඡන්ද දිනයේ දී විවිධ හේතූන් මත ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන විවෘත කරයි ඇත්තේ.
ඊට පෙර සියලුම ඡන්දවලින් අඩක් පමණ ප්‍රකාශ කිරීමට අපේක්ෂා කෙරෙනවා.
මේ අතර අභාවප්‍රාප්ත පාප් වහන්සේට ගෞරවයක් වශයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් සහ විපක්ෂ නායක පීටර් ඩටන් විසින් පැවැත්වීමට සුදානම් කර තිබූ උත්සවද අවලංගු කර ඇති බවද සඳහන්.