චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ චීන ආනයන මත පනවන බදු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි.
තවද එරට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් කළ ප්‍රශ්න කිරීමක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.
එහිදී එම මාධ්‍යවේදියා “ජනාධිපති ෂී ජින්පින් ඔබ සමඟ සෘජුව කතා කළා ද?” යනුවෙන් ප්‍රශ්නයක් නැගූ බවයි වාර්තාවන්නේ.
“එය එතරම් වැදගත් නැහැ. අපි චීනය සමග එකඟතාවකට එළැඹෙන බව මම විශ්වාස කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.