ඇමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ නිධි සංවර්ධනය කිරීමේ ගිවිසුමකට අත්සන් තබයි

Published on

ඛනිජ සංවර්ධනය කිරීම සඳහා යුක්රේනය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමේ ආරම්භක පියවරක් සනිටුහන් කර තිබෙනවා.

ඒ සංදේශයකට අත්සන් කරමින්.

යුක්රේනයේ නියෝජ්‍ය මෙන්ම ආර්ථික ඇමතිනී යුලියා ස්වයිරිඩෙන්කෝ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සහ යුක්රේනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයෝජන අරමුදලක් පිහිටුවීම යන අරමුණින් මෙලෙස දෙරට අතර සංදේශයකට අත්සන තබා ඇති බවයි.

යුක්රේනය ප්‍රතිසංස්කරණ සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම අරමුදල ඵලදායී මෙවලමක් වනු ඇති බවට ද ඇය විශ්වාසය පළ කළා.

එමෙන්ම, පසුගිය පෙබරවාරි මාසයේ දී යුක්රේනයේ උපායමාර්ගික ඛනිජ නිස්සාරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම ගැන අමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වා තිබූ අතර, එය දෙරටේ ජනාධිපතිවරුන් අතර වූ ආරවුලක් හේතුවෙන් තාවකාලිකව අඩාල වී ඇති බවයි ප්‍රකාශ කළේ.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this