පේරු හි හිටපු ජනාධිපතිනි ඔලන්ටා හුමාලා හා බිරිඳ නඩීන් හෙරෙඩියාට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර 15 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ලීමා අගනුවර අධිකරණයක් ප්‍රකාශ කළේ, 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීම සඳහා හුමාලා, බ්‍රසීල ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් වෙතින් නීති විරෝධී අරමුදල් ලබාගෙන ඇති බවයි.
එමෙන්ම මොවුන් දෙදෙනා මෙම ව්‍යාපාර සඳහා ඔඩෙබ්‍රෙක්ට් සහ එවකට වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ රජයෙන් ඩොලර් මිලියන කිහිපයක් නීති විරෝධී දායකත්වයන් ලබා ගත් බවයි අධිකරණ විනිසුරුවන් සොයා ගෙන ඇත්තේ.
නඩු පවරන්නන් ඉල්ලා සිටියේ හුමාලාට වසර 20 ක සිර දඬුවමක් සහ හෙරෙඩියාට වසර 26 හමාරක සිර දඬුවමක් නියම කරන ලෙසයි.
වසර තුනකට වැඩි කාලයක් පැවති නඩු විභාගයකින් පසු, අධිකරණය අඟහරුවාදා දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි තීන්දුව ලබා දෙනු ලැබුවා.
හුමාලා තීන්දුවට පෞද්ගලිකව සහභාගී වූ අතර ඔහුගේ බිරිඳ වීඩියෝ සබැඳිය හරහායි එක්ව තිබුණේ.
මෙම තීන්දුව මගින් හුමාලා පසුගිය දශක දෙක තුළ දූෂණ සම්බන්ධයෙන් සිරගත කරන ලද තුන්වන පේරු හිටපු ජනාධිපතිවරයා බවට පත්වනවා.