ලංකාවේ මාතෘ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමේ කැපී පෙනෙන ප්‍රගතියක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

Published on

2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් මාතෘ මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් 100,000කට 25ක් දක්වා අඩු කර ගැනීමෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඉස්මතු කර තිබෙන්නේ මෑත කාලීන අධ්‍යයනවලින් අඩු බර දරු උපත් වැඩිවීමක් ද පෙන්නුම් කර ඇති නිසා ඊට හේතු සහ මාතෘ පෝෂණයේ කාර්යභාරය පරීක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවක් බවයි.

අප්‍රේල් 07 වැනි දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය සනිටුහන් කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය 2025 සඳහා මාතෘ සහ අලුත උපන් සෞඛ්‍යය පිළිබඳ වසරක ව්‍යාපාරයක් ආරම්භ කළේ ‘සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තු සහගත අනාගතයක්’ යන මාතෘකාව යටතේයි.

එහිදී මෙම ව්‍යාපාරය අවධානය යොමු කරන්නේ වළක්වා ගත හැකි මාතෘ සහ බිළිඳු මරණ සඳහා වන උත්සාහයන් ඉහළ නැංවීමට සහ කාන්තාවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීමට රජයන් සහ සෞඛ්‍ය ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටීම කෙරෙහිය.

ඒ අනුව ගර්භණීභාවය සහ දරු ප්‍රසූතියේ සංකූලතා හේතුවෙන් වාර්ෂික මාතෘ මරණ 300,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවන බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

2000 වසරේ සිට මාතෘ මරණ 40%කින් අඩු කිරීමට හේතු වී ඇතත්, ඇතැම් කලාපවල මාතෘ මරණ අනුපාතය ඉහළ මට්ටමක බව කියයි.

2023 දී ගෝලීය මාතෘ මරණවලින් ආසන්න වශයෙන් 70%ක් උප සහරා අප්‍රිකාවෙන් සටහන් වී ඇති අතර, මධ්‍යම සහ දකුණු ආසියාවෙන් 17%ක ප්‍රමාණයක් සටහන් වී තිබෙනවා.

මේ අතර 2023 දී සජීවී දරු උපත් 100,000කට 25 දක්වා මාතෘ මරණ අඩු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉස්මතු කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද දේශන මාලාවකදීය.

මෙම ජයග්‍රහණයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවා, වෘත්තීය වින්නඹු සේවය, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ අඛණ්ඩ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති කැපවීම නිසා වේ.

ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රගතිය පිළිගන්නා අතරම ලෝක සෞඛ්‍ය සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ ආර්ථික පසුබෑම් සහ ඉහළ යන දරිද්‍රතාව මගින් මතු වන ගැටලු ද පිළිගෙන, මාතෘ පෝෂණය ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ මැදිහත්වීම් සහ ප්‍රතිපත්ති වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරන ලෙසයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මාතෘ පෝෂණය සෞඛ්‍යයට සහ සංවර්ධනයට දිගුකාලීන බලපෑම් ඇති කරන බවද අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ මාතෘ පෝෂණය පිළිබඳ පෙන්වා දෙමින් රටේ අඛණ්ඩ ආර්ථික පසුබෑම අභියෝග ඇති කරන බවත්, එය ගැබිනි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශයට බලපෑම් කළ හැකි බවයි ඔවුන් කියා සිටියේ.

මෙහිදී එම සංවිධානය වැඩි දුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ප්‍රකාශ කරමින් ප්‍රතිඵල තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රසව හා පසු ප්‍රසව සේවා වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවා ප්‍රවේශ විෂමතා ආමන්ත්‍රණය කිරීම සහ උසස් වෛද්‍ය මැදිහත්වීම් ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වනු ඇති බවයි.

Latest articles

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

More like this

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...