සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි සම-ප්‍රධාන විධායක නිලධාරී හැන් ජොං-හී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්වන අතර, මියයන විට ඔහුට වයස අවුරුදු 63ක්.
1962 දී උපත ලැබූ හැන්, 2022 සිට සැම්සුන් හි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ජංගම උපාංග ව්‍යාපාර අධීක්ෂණය කළ බව එම සමාගම පවසනවා.
ඔහු 2022 දී සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී ලෙස නම් කර තිබෙන බව සඳහන්.