ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යයි

Published on

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝහලෙන් පිටව යාමට නියමිත බවත්, අනතුරුව වතිකානුවේ උන්වහන්සේගේ නිවසට පැමිණෙන බවත් වෛද්‍යවරු විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මාසයකට අධික කාලයක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දිනයේ දී ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි පවසන්නේ.

රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12 ට එය සිදු වනු ඇති.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කිරීමෙන් මසකට පසුව පළමුවරට උන්වහන්සේගේ ඡායාරූපයක් ද පසුගිය දා වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

පසුගිය මස 14 වනදා පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙනුයි උන්වහන්සේ රෝහල් ගත කර තිබුණේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින නමුත් තවදුරටත් ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බවයි.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this