ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ආරක්ෂක අංශ ප්‍රධානියා සේවයෙන් පහ කිරීම වැළැක්වීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ කිසිදු පූර්ව දැනුවත් කිරීමක් හෝ තොරතුරු අනාවරණය කර ගැනීමක් සිදුකිරීමට ආරක්ෂක ප්‍රධානියා අසමත්වීම හේතුවෙනුයි මෙම සේවයෙන් පහ කිරීම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමත කළේ.
එරට මාධ්‍ය සඳහන් කරන්නේ ඊයේ (21) දින ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රේල් 8 වන දිනට පෙර මෙම කාරණය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වෙන තෙක් සේවයෙන් පහ කිරීම අත්හිටුවන ලද බවයි.
රොනන් බාර් 2021 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලයේ දේශීය බුද්ධි ඒජන්සිය වන ෂින් බෙට් (Shin Bet) හි ප්‍රධානියා ලෙස වසර පහක කාලයක් සඳහා එම ධුරයට පත් කළා.
ඔහුගේ නෙරපා හැරීම ඊශ්‍රායල ඉතිහාසයේ රජයක් ෂින් බෙට් නායකයා නෙරපා දැමූ පළමු අවස්ථාව වනු ඇති.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට විරෝධය පළ කරමින් රාජ්‍ය විරෝධි විරෝධතාකරුවන් දහස් ගණනක් ජෙරුසලමේ රාජ්‍ය විරෝධී පෙළපාලි පැවැත් වූ අතර ගාසා තීරයට ඊශ්‍රායලය විසින් නැවත එල්ල කරන ලද ප්‍රහාරයට විරුද්ධ වන විරෝධතාකරුවන් සමඟ දහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයන් එක් ව තිබෙනවා.
කෙසේ නමුත් ෂින් බෙට් යනු ඊශ්‍රායලයේ දේශීය බුද්ධි ඒජන්සිය වන අතර එය යුද්ධයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
එහි ක්‍රියාකාරකම් සහ සාමාජිකත්වය ඉතා රහසිගතව තබා ඇති රාජ්‍ය රහස් වේ.