එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාල ම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන හීත්‍රෝ ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසාතැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන්.
හීත්‍රෝ ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ මෙම ගින්න හේතුවෙන් ගුවන්තොටුපොළ තුළ සැලකිය යුතු විදුලිය බිඳවැටීමක්ද සිදුව ඇති බවත්, මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කෙරෙන හීත්‍රෝ ගුවන්තොටුපළ එක්සත් රාජධානියේ විශාලත ම ගුවන්තොටුපොළ වේ.
බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම ගින්නෙන් නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර, අවට ප්‍රදේශයෙන් පුද්ගලයින් 150ක් පමණ ඉවත් කර තිබෙනවා.
ලන්ඩන් ගිනි නිවන ඒ්කකය පවසන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දහයක් සහ ගිනි නිවන භටයින් 70ක් පමණ යවා ඇති බවයි.