දින 286ක කාලයක් එනම් මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් නමැති ගගනගාමින් දෙපළ රැගත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියුලය පෘථීවිය වෙත පැමිණ තිබුණා.
ඒ අනුව ඔවුන් රැගත් කැප්සියුලය පැරිෂුට් ආධාරයෙන් ෆ්ලොරිඩා මුහුදට ගොඩබස්වා තිබුණේ, පැය 17ක ගමනකින් අනතුරුව මෙරට වේලාවෙන් අද අළුයම 3.30ට පමණ.
මෙම ගගනගාමීන් දෙදෙනා මුදා ගැනීමේ දින 8ක මෙහෙයුමක් වෙනුවෙන් බොයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානය හරහා අභ්‍යවකාශ ගතවූයේ පසුගිය වසරේ ජුනි මස 05 වැනිදායි.
මෙය බොයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානයේ පළමු ගුවන් ගමන වූ අතර එය මෙම යානය ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීම වෙනුවෙන් වූ පරික්ෂණ චාරිකාවක් ද වුණා.
කෙසේවෙතත් යානයේ ඇතිවූ තාක්ෂණික ගැටලු හේතුවෙන් සුනීතා සහ බුච් නැවත පෘථිවිය වෙත රැගෙන එම අනාරක්ෂිත වූ අතර ඔවුන් නොමැතිව යානය පමණක් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබුවා.
පසුව 2024 වසරේ අගෝස්තු මසදී තීරණය කෙරුණේ 2025 මාර්තු මසදී ස්පේස් එක්ස් ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයක් හරහා එම ගගනගාමින් දෙපළ නැවත පෘථිවිය වෙත ගෙන්වා ගැනීමටයි.
ඔවුන් දෙදෙනා අභාවකාශයේ රැදී සිටින කාලසීමාවේ දි අත්හදා බැලීම් 150ක් සහ පැය 900ක පර්යේෂණ සිදු කළ බව නාසාහි අභ්‍යවකාශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය සහකාර පරිපාලක ජොයෙල් මොන්ටල්බානෝ සදහන් කළා.