පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක පිපිරීමක් – තුවාලකරුවන් අතර කුඩා දරුවනුත්

Published on

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ.

මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකුයි.

ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇතිද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

පසුගිය කාලයේ ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන දේශසීමා ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වෙමින් පැවතුණ අතර පසුගිය මාසයේ ද වයඹදිග පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 06කු මිය ගියා.

එමෙන්ම පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලොකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමඟ බලොකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පසුගිය දා පැහැර ගත් පසු ආරක්ෂ අංශ සහ බෙදුම්වාදී අතර ඇති වු වෙඩි හුවමාරුවේ දී සටන්කාමීන් 33 දෙනෙකු සහ ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු ද මියගොස් තිබුණු බව සඳහන්.

Latest articles

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...

U.G.C නිල වෙබ් අඩවිය බිඳවැටේ

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා. ඒ එම වෙබ් අඩවියේ සිදු...

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

More like this