USAID ආයතනය “සංවර්ධන ආධාර” නාමයෙන් “මතවාදී යටත් විජිතවාදය” ක්‍රියාත්මක කිරීමේ රහස හෙළිව ඇති බව චීනය කියයි.

Published on

USAID ආයතනය “සංවර්ධන ආධාර” නාමයෙන් “මතවාදී යටත් විජිතවාදය” ක්‍රියාත්මක කිරීම යන රහස, අනාවරණය වී ඇති බවයි චීනය පවසනවා.

එහිදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනය (USAID) වසා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය මෑතකදී ප්‍රකාශ කිරීමත් සමඟ දිගු කාලයක් පුරා එම ආයතනයෙන් අරමුදල් ලබා ගත් ඊනියා “ස්වාධීන මාධ්‍ය” සහ “රාජ්‍ය නොවන සංවිධාන” ඉන් කනස්සල්ලට පත්ව ඇති බවයි කියන්නේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීම සඳහා හංගේරියානු සම්භවය සහිත ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු වන George Sorosගේ සංවිධානයට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 260ක් ලබා ගත් බව ඇතැම් මාධ්‍ය උපුටා දක්වන ලද වාර්තාවල ද දැක්වේ.

“මාධ්‍ය නිදහස” සහ “ස්වාධීන වාර්තාකරණය” මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් සිදුකරන ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (Reporters Without Borders) නම් බටහිර සංවිධානය ද මින් කලබල වී ඇති බවයි චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ.

“ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ විදේශ ආධාර තහනම් කිරීම, ලොව පුරා ප්‍රවෘත්ති සංස්කරණ ක්ෂේත්‍රය අර්බුදයකට පත් කරයි.” යන මැයෙන් අදාළ සංවිධානය ලිපියක් ද පළ ක‍ර ඇති අතර එම සංවිධානය ඇමරිකානු අරමුදල් ලබා ගෙන ඇත්නම්, මීට පෙර සිය ස්වාධීනත්වය අවධාරණය කළේ කෙසේ ද යන ගැටළුව මතු කර ඇති බව ද චීනය පවසනවා.

සත්‍ය වශයෙන්ම, ඇමරිකාව මාධ්‍යවේදීන්ට මුදල් ගෙවීම් සිදු කර ඇත්තේ ඔවුන්ට මාධ්‍යවල සහයෝගීතාව ලබා ගැනීම වෙනුවෙන් බවත්, සෙසු රටවල හෝ කලාපවල ගැටළු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට හේතු නිර්මාණය කිරීමට හෝ තම අපකීර්තිමත් අපරාධ සේදීමට හෝ, මාධ්‍යයේ “පූර්ණ සහාය”ඇමරිකාවට අතිශයෙන් වැදගත් වී ඇති බවත් චීනයේ අදහසයි.

මෑත වසරවල දී, චීනය ලැබූ සීග්‍ර දියුණුවත් සමඟ, ඇමරිකාව චීනය තම විශාලතම උපායමාර්ගික තරඟකරුවා ලෙස වරදවා වටහාගෙන ඇති බව පෙන්වා දෙන චීනය ‘මහජන මතවාදී යුද්ධ’ ඇතුළු සෑම ආකාරයකින්ම චීනය මර්දනය කිරීමට හෝ සීමා කිරීමට ඇමරිකාව උත්සාහ කර ඇති බව පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම චීන-අප්‍රිකා සහයෝගීතාව ක්‍රමයෙන් සරු ප්‍රතිඵල අත්කර ගත් අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ද අඛණ්ඩව ඉදිරියට යාමේදී, අප්‍රිකාව ඇතුළු අදාළ රටවල සහ කලාපවල ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පවතින අතර යටිතල පහසුකම් සහ ජන ජීවිත ද වසරින් වසර වැඩිදියුණු වී තිබෙන බවයි චීනය පවසන්නේ.

මෙයින් දැඩි කලබලයට පත් ඇමරිකාව, චීන-අප්‍රිකා සහයෝගීතාව සහ “එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙල දෙස ද්වේ‍ශසහගතව බලමින් චීනයට අපහාස කිරීම සඳහා මාධ්‍ය විසින් ගොතන ලද “නව යටත් විජිතවාදය”, “ණය උගුල” සහ “චීන තර්ජන” න්‍යායන්, මාධ්‍ය වාර්තාවල වැඩි වැඩියෙන් දක්නට ලැබුණු බව චීනය පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, චීනය පවසන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණ යන මාවතේ අධිෂ්ඨානශීලීව ඉදිරියට යන පුරෝගාමීන්ටත්, සංවර්ධනයේ ආශ්චර්යය ඉටු කර ගැනීමට වෙහෙසෙන ගවේෂකයින්ටත්, “ලෝකය මනසේ තබා ගනිමින් හවුල් ඉරණමක් ” පිළිබඳ සංකල්පය දරන්නන්ටත් පමණක්, සැබෑ ප්‍රකාශන අයිතිය හිමි වී ඇති බවට හෘද සාක්ෂිය සහිත ජගත් ප්‍රජාවට පොදු විශ්වාසයක් ඇති බවයි.

Latest articles

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස...

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

More like this

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස...

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...