දුමින්ද සිල්වා නැමති සිරකරුට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ විශේෂ පහසුකම් ලබා දී ඇති බව හුවා දක්වමින් සමාජ මාධ්‍යවල හුවමාරු කරන පුවත් අසත්‍ය බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.
බන්ධනාගාර රෝහල තුළ මෙම සිරකරු ප්‍රථිකාර ලබන වාට්ටුවේ රෝගී වූ රැඳවියන් සඳහා පොදුවේ ලබා දී ඇති පහසුකම්වලට අමතරව, දුමින්ද සිල්වා නැමති සිරකරුට පමණක් කිසිදු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නොමැති බවයි ඔවුන් පවසන්නේ.
ඊට ආදළ කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර අද (16) දින දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දේශවලට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර තිබෙනවා.
රෝගී වන සෑම රැදවියකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබා දෙන නිර්දේශ අනුව එම රන්දවියා නේවාසික ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේ ද, නැද්ද යන්න තීරණය කරනු ලබන බවයි බන්ධනාගාර මූලස්ථානය පෙන්වා දෙන්නේ.
රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදුකරනු ලබනවා.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 වගන්ති මගින් සඳහන් වන බවයි බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.