ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙනවා.
අවසාන මොහොතේ සහන ලබා ගැනීමේ අරමුණින් ගිවිසුමේ ඇතැම් කොටස් හමාස් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කරන්නේ.
හමාස් සංවිධානය ගිවිසුමේ සියලුම කොටස් පිළිගෙන ඇති බවට මැදිහත්කරුවන් විසින් ඊශ්‍රායලයට දැනුම් දෙන තෙක් කැබිනට් මණ්ඩලය රැස් නොවන බවයි නෙතන්යාහු පවසා තිබෙන්නේ.
ගිවිසුමේ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කළ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන ජ්‍යේෂ්ඨ හමාස් නිලධාරියෙකු වන ඉස්සාත් එල් රීෂෙක් කියා තිබෙන්නේ මැදිහත්කරුවන් විසින් ප්‍රකාශයට පත් කළ ගිවිසුමට කැපවී සිටින බවයි.
දෝහාහීදි ඊයේ රාත්‍රි එකඟ වූ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුමැතිය ලබා ගැනීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබුණා.
ලබන ඉරිදා සිට මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නම් එය ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය අනුමත කල යුතු බවයි කටාර් අගමැතිවරයා පවසා තිබුණේ.