ජනවාරි 01 සිට, ළමුන් සහ ගැබිණි අම්මලා, වෙළඳ දැන්වීම්වලට ගන්න තහනම්

Published on

ළමුන් සහ ගැබිණි මවුව්වරුන් වෙළඳ ප්‍රචාරණය කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය ජනවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඒ අනුව ඊයේ දින නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

1980 අංක 26 දරන ආහාර පනතට අදාළ 2023 වසරේ සංශෝධනය කළ, ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝග ඇතුළු නියෝග කිහිපයක් එම නව ගැසට් නිවේදනයට අනුව නැවත සංශෝධනය වනවා.

ඉන් ප්‍රධාන කිහිපයක් පහත පරිදි වේ.

ආරම්භ ළදරු ආහාර වට්ටෝරු, පසුව ලබා දෙන ආහාර ළදරු ආහාර වට්ටෝරු, ළදරුවන් සඳහා ලබා දෙන ආහාර නිෂ්පාදන, කුඩා දරුවන් සඳහා වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ප්‍රචාරණය තහනම්.

ආහාර ගැන සෘජුව හෝ වක්‍රව ගැබිණි මවක් හෝ කිරිදෙන මවක්, ළදරුවෙක් හෝ අවු.12 ට අඩු ළමයෙක් නියෝජනය වන ශ්‍රව්‍ය දෘශ්‍ය හෝ පින්තූර සහිත යම් ප්‍රචාරණයක්, නිෂ්පාදන ලේබලයක, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික, සමාජ මාධ්‍ය හෝ වෙනයම් අයුරකින් ප්‍රචාරණය ද තහනම් වනවා.

අනුමැතියකින් තොරව, සෘජුව හෝ වක්‍රව අවු.12ට අඩු ළමුන් වෙත, යම් ආහාර අයිතම සමග හෝ වෙනම පත්‍රිකා, නොමිලේ දෙන සාම්පල, ද්‍රව්‍ය හෝ සෙල්ලම් බඩු, කාටූන් චරිත, වාසනාව ගෙන දෙන යම් වස්තූන්, ප්‍රසිද්ධ පුද්ගලයන් යොදාගනිමින් හෝ ආහාරයක් ප්‍රවර්ධනය කළ නොහැක.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this