සිරමැදිරියේ සිට ක්‍රියාත්මක ජාවාරම් මර්දනයට ජනපති මැදිහත් වෙයි

Published on

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (30) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නා.

මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේ ද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බව සදහන්.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...