හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශයට අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව සිදු කෙරෙනෙ විමර්ශනයකට අදාළවයි.
ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරණ ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවයි කියන්නේ.
එමෙන්ම හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකුද අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවත් සඳහන්.