රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ මේ මස 31 වන දින විශ්‍රාම යාමට නියමිත වෛද්‍යවරුන් ද ඊට ඇතුළත් බවයි.
පසුගියදා රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව බව සඳහන්.
මෙසේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ වේ.
මීට පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් ලෙස පැවතියද එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දමනු ලැබුවා.
ඒ හේතුවෙන් මෙම කරුණ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පැවතියා.