හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, ප්රපාතයකට පෙරළීමෙන් දරුවෙක් ඇතුළු තිදෙනෙක් මියගොස් තිබෙනවා.
අද (21) පෙරවරුවේ මල්ලිඅප්පුව ප්රදේශයේ දී එම බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ 40කට ආසන්න පිරිසක් හැටන් දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගොස් ඇති තිදෙනා
වයස 50 – 60 අතර කාන්තාවක්,
වයස 12 – 14 අතර දරුවෙක්,
වයස 40 – 50 අතර පිරිමි පුදගලයෙක්.