රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා – ජනපති

Published on

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම් දිසාපති සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරැණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එ‌හෙත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ එතුමා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් පැවසුවා.

එසේ බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොව පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවයි ජනාධිපති අවධාරණය කළේ.

ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද වගවිය යුතු මෙන්ම වගකිව යුතු බවත්, ඔහු පෙන්වා දුන්නා.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවද,දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද පැවසූ ජනාධිපති කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව පැවසුවා.

මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බවයි ඔහු කියා සිටියේ.

එසේම එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළ බව සඳහන්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

Latest articles

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද...

More like this

HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන...

ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා...

2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ...