විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටිනවා.
සාමාන්‍යයෙන් විපක්‍ෂයක් ආණ්ඩුව ප්‍රශංසා නොකරන නමුත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුළේ සිට කළ යුතු බවයි ඔහු පැවසූයේ.
වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි.
හිටපු ජනාධිපති වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඔහුට අවශ්‍ය වුයේ 2024 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණු 2%කේ මෙරට ආර්ථික වර්ධනය වේගය තවත් වැඩි කර ගැනීමට බවය.
එම නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් ඔවුන් දිරි ගන්වනු ලැබූ බවයි පැවසුවේ.
මේ නිසා ලංකාවේ ආර්ථික වර්ධන වේගය අද 5% දක්වා පැමිණ තිබෙන බවත් ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහා බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේ ඇතුළු සෙසු සියලු දෙනාට ඔහු ස්තුති වන බවද සඳහන් කළා.
එසේම රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් බදු ආදායම් ලෙස ලැබී තිබිමද ආදායම වැඩි වෙන්නට හේතු වූ බව කී හිටපු ජනපතිතුමා ප්‍රකාශ කළේ මේ සියල්ල ඒ ආකාරයෙන් කරන්නට හැකි වූයේ අයි.එම්.එෆ් සංවිධානය සමඟ තිබූ ගිවිසුම තුළින් බවයි.
ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍ය බවත් ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නොමැති අතර එසේ වූවහොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙන බවයි වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසුවේ.