නෝර්වේ තානාපති H.E. May-Elin Stener මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (20) පවත්වා තිබෙනවා.
ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දීයි.
එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු වූ බව සඳහන්.
එහිදී විපක්ෂ නායක නෝර්වේ තානාපතිවරිය හමුවේ පවසා ඇත්තේ පවතින බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවයි.