‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘ යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබෙනවා.
ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.
එම ගැසට් නිවේදනය ඊයේ (19) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ බව සඳහන්.
ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු මෙම බලකායට ඇතුළත් ය.
මීට අමතරව ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතාද ඊට නම් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම මෙම වැඩසටහනේ අරමුණු බවයි.
එම අරමුණු ළඟා කර ගැනීමට ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම,මෙහෙයවීම,ක්‍රියාත්මක කිරීම,ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙන කාර්යයන් වේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කරනු ලැබුවේ පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදීයි.