සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

Published on

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

දැනට ඉදිකරමින් පවතින ගුවන් පථයට ගුවන් හමුදාපතිතුමන් ගුවන් නියමුවකු ලෙස කටයුතු කරමින් y12 වර්ගයේ ගුවන් යානයක් ගුවන් පථය වෙත පරීක්ෂණ ගොඩබැස්සවීමක් ( Test Flight ) සිදුකරමින් ගුවන් පථයේ ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට එහිදි කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර මට්ටමේ ගුවන් ධාවන පථයක් ලෙස ඉදිකිරීමට නියමිත හිඟුරක්ගොඩ ගුවන් පථය මීටර් 2,500 කින් යුක්ත වන අතර මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබනවා.

ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA),මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සදහා උපදේශන ලබා දෙන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම එයට අවශ්‍ය නිසි මඟ පෙන්වීම් හා නෛතික රාමුවන් (Regulatory Frame ) සපයනු ලබන බව සඳහන්.

මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2024 අගෝස්තු 19 වන දින ගුවන් හමුදා විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතිය අදියර හතරක් යටතේ සැලසුම් කර තිබෙනවා.

පළමු අදියර ලෙස ප්‍රධාන ධාවන පථය ඉදිකිරීමට නියමිතව ඇති අතර මේ වන විටත් පළමු අදියර යටතේ ප්‍රධාන ධාවන පථයේ මීටර් 2,500 කින් යුතු ධාවන පථයෙන් මීටර් 850 ක් ඉදි කර අවසන්.

නිම කරන ලද එම මීටර් 850 කොටසෙහි පරීක්ෂණ ගුවන් යානා ගොඩබෑමක් සිදු කිරීමට RDA උපදේශක කණ්ඩායම නිර්දේශ කිරීමෙන් අනතුරුව ඒ සඳහා ගුවන් හමුදාධිපතිතුමන් නියමුවෙකු ලෙස කටයුතු කරමින් Y-12 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස සාර්ථකව පරීක්ෂණ ගොඩබෑමක් සිදු කර තිබෙනවා.

Latest articles

ජනපති චීන අගමැති ලී ච්‍යං අතර හමුවක්

චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර...

2024 වසරේ පරිභෝහික පනත උල්ලංඝනය කළ වැටලීම් 24761ක් – මිලියන 207කට අධික දඩ මුදලක්

2024 වර්ෂයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි...

භික්ෂු විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු...

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු...

More like this