ලංවීමට අනුමත ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද අත්සන් තබයි.

Published on

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) දින අත්සන් කර තිබෙනවා.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාගැනීමේ මූලික සාකච්ඡා පසුගිය ඔක්තෝබර් මාසයේදීයි සිදුකරනු ලැබුවේ.

ඒ අනුව ඉකුත් නොවැම්බර් මාසයේදී අදාළ ණය මුදලට අනුමැතිය හිමිවුණා.

විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත්තේ මෙම ණය මුදල භාවිත කර මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමටයි.

තවද ඉදිරියේදී රට තුළ ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති, ගණනාවක්ද ඉදිකිරීමට නියමිත නියමිත බවයි කියන්නේ.

ඊට අමතරව මෙම ණය මුදල හරහා නව ග්‍රිඩ් උප පොළවල් 6ක් ඉදිකිරීම, කි.මී. 87ක් දිග k.V. 132ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, කි.මී. 45ක් දිග k.V. 220ක් සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම හා දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීමටද බලාපොරොත්තු වේ.

මිලියන 7.5ක් වූ පාරිභෝගික සංඛ්‍යාවකට ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම විදුලිය බෙදා හරිනු ලබයි.

බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කි.මී. 3,400ක් වූ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග හා ග්‍රිඩ් උපපොළ 90කින් සමන්විත වේ.

Latest articles

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...

සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා...

Invest in Sri Lanka ආයෝජන සැසියට ජනපති එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක...

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

More like this