මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදානය භාවිත කරමින් සැලසුම් කර ඇත්තේ උතුර පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමටයි.
ඊයේ (18) දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන්.