2028 දී 10 ශ්‍රේණියට හඳුන්වා දෙන නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය – අධ්‍යාපන ඇමති

Published on

2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත්, එම නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියට අදාළ මාර්ගෝපදේශ මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර හා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ 2026 වසරේ සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවත්, 9 වන ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිත බවයි.

එහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ එක් එක් අංශ ප්‍රධානීන් තම අංශ මඟින් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍යවරිය දැනුවත් කරනු ලැබුවා.

මෙය විෂය නිර්දේශය සංශෝධනය කිරිම, ගුරු පුහුණුව, පරිපාලන හා යටිතල පහසුකම් සැලසීම, නිසි ඇඟයීම් ක්‍රියාවලියක් ඇති කිරීම හා මේ සඳහා මහජන දායකත්වය යන කුළුණු 05ක් මත සිදු කරන ලද අධ්‍යාපන පරිවර්තනයක් බවත්, මෙහිදී ආකල්පමය අතින් පොහොසත් ගුරුවරුන් නිර්මාණය කිරිම ජාතික අධ්‍යාපන ආයතනවල වගකීම බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

තවද අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මෙම ප්‍රතිසංස්කරණවලින් නොනැවතී මේවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට හා විධිමත් ඇගයුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය හා එම ආයතනයේ සියලු අංශවල ප්‍රධානීන් සහභාගී වී සිටියා.

Latest articles

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට...

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

More like this