ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන අරඹයි – කාසියේ වාසිය බංගලියන්ට

Published on

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හුසේන් ශන්තෝ සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්.

නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවෙකු ලෙස ළහිරු උදාර ටෙස්ට් වරම් දිනාගත් අතර, තරිඳු රත්නායක පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් වරම් දිනාගෙන තිබීම ද විශේෂත්වයක්.

2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වෙයි.

Latest articles

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට...

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

More like this