බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

Published on

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සියයට හතළිස්හතරක් (44%) පමණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන පවසයි. එම ස්ථානවලින් සියයට පහළොවක් (15%) පමණ මදුරු කීටයන් හමුවී තිබෙනවා.

විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය දක්නට ලැබෙනවා.

2025 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 13 ක් මියගොස් ඇත. මේ වනවිට හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව විසිපන්දහසකට අධිකයි.

කඩින් කඩ ඇතිවන වැස්ස, කානු පද්ධති පිරිසුදු නොකිරීම, කුණු ඉවත් නොකිරීම නිසා මදුරු කීටයන් බෝවන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා දිවයින පුරා තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨ‍ාස 110 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තවද චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීමද අඩුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර තිබෙනවා.

Latest articles

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඡන්ද විමසීම ඇරඹේ – මාලිමාවෙන් හා විපක්ෂයෙන් නම් දෙකක්

කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහිදී...

කොළඹ නගරාධිපති සටනේ සර්වජන බලවේගයේ සහය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය...

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ...

More like this