ඖෂධ හිඟය ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්  

Published on

ඖෂධ හිඟයක් පවතින බවට මේ දිනවල සාමාජය තුළ ප්‍රචාරය වෙන ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහි සඳහන් කරන්නේ අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග සඳහා දෙන ඖෂධවල හිඟයක් නොමැති අතර ඖෂධ වර්ග කිහිපයක පමණක් යම් යම් බිඳ වැටීම්පවතින බවයි.

ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම ද යොදා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම 2026 පමණ වනවිට මෙම හිඟතාවයන් සම්පූර්ණයෙන්ම මග හැර ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,
”යම්කිසි බෙහෙතක් නැත්නම් ඒවා ප්‍රදේශීව මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අපි ලග තියෙනවා. ඒක නිසා ඖෂධ 180ක් මධ්‍යම බෙහෙත් ගබඩාවේ නැති වුණා කියලා ලෙඩ්ඩුන්ට බෙහෙත් නැති වෙන්නේ නෑ. ඒ වගේම අපි නොයෙකුත් ක්‍රමවලින් මේ සැපයුම් ජාලයේ තියෙන අක්‍රමවත් බව නැති කරන්න කටයුතු කරනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ බෙහෙත් සම්බන්ධ කාරණා සංවේදී කාරණා නිසා යම් යම් පුද්ගලයින් සමාජ අවධානය තමන් වෙතට යොමු කර ගැනීම සඳහා මෙම ඖෂධ කියන කාරණාව යොදා ගෙන තිබෙනවා. අපි ඒ පුද්ගලයින්ට කියනවා මිනිස්සු බය කරන්න එපා” 

Latest articles

කොළඹ නගරාධිපති සටනේ සර්වජන බලවේගයේ සහය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය...

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ...

කොළඹ පුරපති තේරීමේ ඡන්ද විමසීම අද

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ...

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු...

More like this