ජනපති අනුර වියට්නාම ජනපති උණුසුම් අයුරින් පිළිගනියි

Published on

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබුවා.

වියට්නාම ජනාධිපති මන්දිරය වෙත අද උදෑසන ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගත් අතර, ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා ද ඔහු එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පිළිගැනීමේ උත්සවයේ දී දෙරට නායකයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ ජාතික ගීවලට ‍ගෞරව දැක්වීමෙන් අනතුරුවයි දෙරටේ නියෝජිතයින් හඳුන්වා දෙනු ලැබුවේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූ අතර මෙහිදී දෙරටේ ප්‍රගති සමාලෝචනය,අනාගත සහයෝගීතා පිළිබඳ සාකච්ඡා කර, අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුවා.

ඒ අනුව මෙම සංචාරය මඟින් අපේක්ෂා කෙරෙන්නේ දේශපාලන විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ දෙරට අතර විවිධ අංශ මඟින් ප්‍රායෝගික හා ඵලදායී සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහායි.

1970 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමෙන් පසු වියට්නාමය සහ ශ්‍රී ලංකාව ශක්තිමත් හා අඛණ්ඩ සබඳතා පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ වියට්නාම වාර්ෂික ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රධාන වශයෙන් අපනයන, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා ළඟා වී ඇති අතර ඉදිරි වසරවල දී ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 1 දක්වා ඉහළ නැංවීමටයි දෙපාර්ශ්වයම ඉලක්ක කරන්නේ.

මේ වසරේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන වසර සමරන බැවින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ බෙදාගත් සංවර්ධන ඉලක්ක උපයෝගී කරගනිමින් සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට දෙරට සූදානමින් සිටිනවා.

මේ අනුව ජනාධිපති දිසානායකගේ සංචාරය වියට්නාමය සමඟ ඇති සාම්ප්‍රදායික මිත්‍රත්වයට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම අවධාරණය කරන අතර ඩිජිටල් පරිවර්තනය, ඩිජිටල් ආර්ථිකය, බලශක්ති සංක්‍රාන්තිය, කෘත්‍රිම බුද්ධිය සහ සම්බන්ධතාවයේ නව මංපෙත් විවෘත කරන අතරම සාම්ප්‍රදායික ක්ෂේත්‍ර මඟින් සහයෝගීතාව පුළුල් කිරීමේ බෙදාගත් අධිෂ්ඨානය පිළිබිඹු කරනු ලබයි.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this