පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල් නිවාඩු

Published on

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ අනුව පාසල් යළි විවෘත වන්නේ, ලබන 7 වැනිදායි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා අද සිට 7 වැනිදා දක්වා සීමා කරයි ඇත්තේ.

එම දිනවල පැය 24 සේවාව ද, ක්‍රියාත්මක නොවේ.

එමෙන්ම අද සහ හෙට බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබනු ඇති.

ඒ, නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීම හේතුවෙන් ය.

අදාළ කවුළු යළි විවෘත කරන පළමු දිනයේ දී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

එසේම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල එක්දින සේවා ඇතුළු සියලු මහජන සේවා ද, අද සහ හෙට ක්‍රියාත්මක නොවේ.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this