වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා මූලස්ථානයේ දී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා හමු වී තිබෙනවා.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
.
එමෙන්ම ජනාධිපතිවරයා හෙට දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමට නියමිතයි.