දෙස් විදෙස් ආකර්ශනයට ලක් වූ ආරුක්කු නමය පාලමේ ජල කාන්දුවක්?

Published on

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව පවසනවා.

අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව දැක ගැනීමට හැකි වන බව සඳහන්.

එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා සඳහන් කළේ අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් කළ විමසීමක දී පවසා සිටියා.

මේ අතර ඇල්ල, ආරුක්කු 9 පාලම ආසන්නයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා එහි අනවසර ඉදිකිරීම් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉඳි කර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් ලෙස සැලකෙනවා.

Latest articles

කැලණිවැලි දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල්...

එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා...

U.G.C නිල වෙබ් අඩවිය බිඳවැටේ

විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳවැටීමට ලක්ව තිබෙනවා. ඒ එම වෙබ් අඩවියේ සිදු...

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

More like this